Sunday, February 26, 2017

මාංශ භක්ෂක ශාක Carnivorous Plants


 
මාංශ භක්ෂක ශාක යනු සොබාදම් මාතාවගේ අසිරිමත් නිර්මාණයකි. සතුන් පරයා ශාක ජයගන්නා අවස්ථා ඇතිබව තහවුරු කිරීමට මොවුන් සමත්වෙයි. මාංශ භක්ෂක ශාක සඳහා නිර්වචන රාශියකි.
ඇතැම් තැන්හි පවසන්නේ සතුන් ගොදුරු කරගැනීම සඳහා දරන්නා වූ ව්‍යුහමය, කයකර්මීය හෝ චර්යාත්මක අනුවර්තන දරන, ඒවා මඟින් සතුන් ගොදුරුකරගන්නා, ගොදුරු කරගත් සතුන් එන්සයිම භාවිතයෙන් ජීර්ණය කරන , අදාල ජීර්ණඵල අවශෝෂණය කරගැනීමේ හැකියාවෙන් යුක්ත ශාක ලෙසයි. ඇතැම් තැන්හි මෙහි එන්සයිම භාවිතයෙන් යන්න සඳහන්ව නැත. එයට හේතුව බැක්ටීරියා වැනි වෙනත් සහජීවී සම්බන්ධතා ඇසුරෙන් තම ගොදුරු ජීර්ණය කරගන්නා මාංශ භක්ෂක ශාක විශේෂ හමුවීමයි. එමනිසා එය වඩාත් සාධාරණ වේ.
          ව්‍යාජ මාංශ භක්ෂකතාව දරන ශාක ද හමු වේ. ශාකයේ අවශ්‍යතාවයක් මත හෝ එසේ නොමැතිව මෙම ශාක වල වූ සුවිශේෂී පත්‍ර හා පුෂ්ප වල වූ ව්‍යුහ වලට සතුන් හසු වීම සිදුවේ. නමුත් ශාකය විසින් එම සතුන් ජීර්ණය හෝ අවශෝෂණය නොකරයි. මෙය ඇතැම් ශාක වල පරාගනය සහ බීජ ව්‍යාප්තිය සඳහා ද යොදාගෙන ඇත.
         උදාහරණ ලෙස ඇතැම් ශාකවල පුෂ්පයේ වෘන්තය සහ මනිය ඇලෙන සුළු ලාටු සහිත කේශර වලින් වැසී ඇත.  මේවා නිසා භෞමික කෘමින් මඟින් සිදුවිය හැකි සම පරාගනය අවම කරවන අතර වන්දන් වැනි කෘමිභක්ෂකයන්ගෙන් මී මැස්සන් වැනි පරාගනකාරී කෘමින්ව ආරක්ෂා කරවයි.
         මාංශ භක්ෂක ශාක සැලකූවිට විශාල විවිධත්වයක් සහ ව්‍යාප්තියක් දැකගත හැකිය. භෞමික මෙන්ම මිරිදිය පරිසර වලත් , කලපු,විල්ලු ආශ්‍රිත පරිසර පද්ධති වලත්, මුඩුබිම්, ගල්තලා, වැලිතලා සහ කාන්තාර ආශ්‍රිත ප්‍රදේශවල පවා මේවා ව්‍යාප්ත වී ඇත.
        ශාක ලෝකයේ අපුර්ව හැඩගැසීමක් වන මේ ශාක අදාළ පරිසර තත්ත්ව වලට අතිශයින් සංවේදී වේ. එමෙන්ම මේවයින් බහුතරය අකාෂ්ඨීය ශාක වේ. මේ නිසා ම වර්තමානයේදී මෙම ශාක දැඩි ලෙස වඳවීයාමේ තර්ජනයට ලක්වී ඇත. මෙම පරිශ්‍රමයේ ප්‍රධාන අරමුණ වනුයේ ද මෙම සුවිශේෂී ජීවී කොට්ඨාශය පිළිබඳව  අවබෝධයක් ලබාදීම තුලින් ඔවුන් ආරක්ෂා කරගැනීමට උනන්දු කරවීමයි.
මෙම PDF ගොනුව පරිශීලනයට මෙතනින් පිවිසෙන්න.  

4 comments:

  1. වටිනා පොත් පිංචක්. බොහොම සතුටුයි ඔබ ගැන. ඉදිරියටත් මෙවැනි නිර්මාණ කිරීමට ධෛර්යය, ශක්තිය නොඅඩුව ලැබේවා ! ජය ශ්‍රි !

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි... ඔබතුමා වගේ අයගෙන් ලැබෙන ආශීර්වාද මට ඉමහත් ශක්තියක්. ගැඹුරු අධ්‍යයනයකින් තොරව කළ නිර්මාණයක් බැවින් අඩුපාඩු බොහොමයක් ඇති...ඒ පිලිබඳ යෝජනා චෝදනා බාරගන්න ඉතාමත් කැමැත්තෙන් ඉන්නේ...

      Delete
  2. වටැස්ස ශාක විශාල වශයෙන් පවතින ක්‍රීඩා පිට්ටනියක් වේයන්ගොඩ ප්‍රදේශයේ පවතින අතර එය සංවර්ධනය කිරීමට නියමිතයි. එහිදී මෙම ශාක විනාශ විය හැකි අතර එය සංරක්ශනය සඳහා කටයුතු කලයුතු ශාකයක්ද?

    ReplyDelete