The Explorer ගවේශකයා
Wednesday, November 1, 2017
Lagen 1 Lagenandra jacobsenii de wit
Wednesday, August 23, 2017
Cryp 1 Cryptocoryne undulata Wendt
![]() |
Cryptocoryne undulata Wendt |
Cryptocoryne axelrodii Rataj, nom. illeg.
Cryptocoryne willisii Engl. ex Baum, nom. illeg.
මුලාශ්‍ර
1.The occurrence of Cryptocoryne and Lagenandra (Araceae) on Sri Lanka -A. de Grad and J. C. Arends
2.Some Selected Aquatic Ornamental Plants of Sri Lanka -A simplified guide to identification of
Aponogeton (Kekatiya) Lagenandra (Ketala) and Cryptocoryne (Atiudayan) -D. S. A. Wijesundara and J. G. Shantha Sin
3. http://www.catalogueoflife.org
4. www.aquaticplantcentral.com
5. www.Wikipedia.com
Thursday, April 13, 2017
සූරිය සිංහලයේ නුතන අවුරුදු සැමරිල්ල!
ඉකෝට හිතෙන දේවල්....!
ආකර්ෂණ
නීතිය (law
of attraction) පිළිබඳව ඇතැම්විට ඔබ
අසා ඇති. මෙය එක්තරා ආකාරයක විශ්වාසයක් නැතිනම් මතයක් ලෙසද හැඳින්විය හැකිය. කෙසේ
නමුත් මෙය ඉතාම ප්‍රයෝගික බව නම් පැවසිය හැකිය. එහි දැක්වෙන්නේ විශ්වය තුල සමාන දෑ
එකිනෙක ආකර්ෂණය වන බවයි. ඒ නියමයට අනුව ධනාත්මක ආකල්ප සිතුවිලි වලට ධනාත්මක අවස්ථා
සහ ශක්තීනුත් සෘනාත්මක ආකල්ප සිතුවිලි වලට සෘණාත්මක අවස්ථා සහ ශක්තිනුත් ආකර්ෂණය
වේ. ඒ අනුව අප ගත කල, අප ගත කරන සහ අප ගත කිරීමට නියමිත ජිවිතයට වගකිව යුත්තා අපම
වේ. අප දැන් සිටින්නේ කොහෙද, කා සමගද, සතුටින් සිටීද දුකින් සිටීද යන්නට වගකිව
යුත්තා අපම වේ. මෙය කියන්නටත් දෙයක් දැයි දැන් ඔබට සිතෙනු ඇත. නමුත් මෙය මෙසේ
සිදුවේ නම් ඇයි අපට බැරි අපට අවශ්‍යය ආකාරයට අපගේ ජීවිතය නිර්මාණය කරගන්න? අපගේ
ජිවිතයේ මැවුම්කරුවා අපම වන්න. සැබවින්ම පුළුවන්. අපේ ජිවිතයට වගකිව යුත්තා අපිම
නම් අප යා යුතු තැන , විය යුතු පුද්ගලයා, අප ලබන වැටුප අපටම තීරණය කරගත හැකි
නොවේද. නමුත් අප බොහොමයක් දෙනා අපට අවශ්‍ය නොවන ආකාරයේ ජිවිත ගෙවන්නේ ඇයි? ඒ මේ ක්‍රියාවලිය
නිසි අයුරින් තේරුම් නොගැනීම නිසයි. මෙහිදීද පාලකයා වන්නේ මනසයි. අප අපට අනවශ්‍ය
දෑ බැහැර කර අපට අවශ්‍ය දේ දැඩිව අරමුණුගත කළහොත් , විශ්වාස කළහොත් අපගේ මනස අපව
නිසැක වශයෙන්ම අරමුන කරා මෙහෙයවාවි.මෙම ආකර්ෂණ නිතිය ගැන තව දුරටත් සොයා බැලීමට
ඇරයුම් කරමින් මම නැවතත් සාකච්චාව වෙත යොමු වෙන්නම්.
දෙවියන් සමග සිදුකරන ගනුදෙනු මෙම ආකර්ෂණ නිතිය මත සිදු වේ දැයි
විටෙක සිතේ. බැතිමතුන් දෙවි දේවතාවුන් කෙරෙහි දැඩි භක්තියක්, විශ්වාසයක් දක්වයි.
මෙම දැඩි විශ්වාසය හේතුවෙන් බාරහාර වන දෑ සාර්ථක වීමටත්, ලෙඩ රෝග ආදිය සුව වීමටත්
නොහැකිද? මේ සියල්ලෙහිම මනස මුල් කරගත් විද්‍යාත්මක පදනමක් පවතින බව පැවසීමට
නොහැකිද? හදි හුනියන්, කේන්දර, ග්‍රහ දොස් වැනි දෑ වල බලපෑම මේ මත සිදුවිය
නොහැකිද?Monday, February 27, 2017
මාංශ භක්ෂක ශාක PDF ගොනුවේ දෝෂ නිවැරදි කිරීමයි...
Sunday, February 26, 2017
මාංශ භක්ෂක ශාක Carnivorous Plants
මාංශ භක්ෂක ශාක යනු සොබාදම් මාතාවගේ අසිරිමත් නිර්මාණයකි. සතුන් පරයා ශාක ජයගන්නා අවස්ථා ඇතිබව තහවුරු කිරීමට මොවුන් සමත්වෙයි. මාංශ භක්ෂක ශාක සඳහා නිර්වචන රාශියකි.ඇතැම් තැන්හි පවසන්නේ සතුන් ගොදුරු කරගැනීම සඳහා දරන්නා වූ ව්‍යුහමය, කයකර්මීය හෝ චර්යාත්මක අනුවර්තන දරන, ඒවා මඟින් සතුන් ගොදුරුකරගන්නා, ගොදුරු කරගත් සතුන් එන්සයිම භාවිතයෙන් ජීර්ණය කරන , අදාල ජීර්ණඵල අවශෝෂණය කරගැනීමේ හැකියාවෙන් යුක්ත ශාක ලෙසයි. ඇතැම් තැන්හි මෙහි එන්සයිම භාවිතයෙන් යන්න සඳහන්ව නැත. එයට හේතුව බැක්ටීරියා වැනි වෙනත් සහජීවී සම්බන්ධතා ඇසුරෙන් තම ගොදුරු ජීර්ණය කරගන්නා මාංශ භක්ෂක ශාක විශේෂ හමුවීමයි. එමනිසා එය වඩාත් සාධාරණ වේ.ව්‍යාජ මාංශ භක්ෂකතාව දරන ශාක ද හමු වේ. ශාකයේ අවශ්‍යතාවයක් මත හෝ එසේ නොමැතිව මෙම ශාක වල වූ සුවිශේෂී පත්‍ර හා පුෂ්ප වල වූ ව්‍යුහ වලට සතුන් හසු වීම සිදුවේ. නමුත් ශාකය විසින් එම සතුන් ජීර්ණය හෝ අවශෝෂණය නොකරයි. මෙය ඇතැම් ශාක වල පරාගනය සහ බීජ ව්‍යාප්තිය සඳහා ද යොදාගෙන ඇත.උදාහරණ ලෙස ඇතැම් ශාකවල පුෂ්පයේ වෘන්තය සහ මනිය ඇලෙන සුළු ලාටු සහිත කේශර වලින් වැසී ඇත. මේවා නිසා භෞමික කෘමින් මඟින් සිදුවිය හැකි සම පරාගනය අවම කරවන අතර වන්දන් වැනි කෘමිභක්ෂකයන්ගෙන් මී මැස්සන් වැනි පරාගනකාරී කෘමින්ව ආරක්ෂා කරවයි.මාංශ භක්ෂක ශාක සැලකූවිට විශාල විවිධත්වයක් සහ ව්‍යාප්තියක් දැකගත හැකිය. භෞමික මෙන්ම මිරිදිය පරිසර වලත් , කලපු,විල්ලු ආශ්‍රිත පරිසර පද්ධති වලත්, මුඩුබිම්, ගල්තලා, වැලිතලා සහ කාන්තාර ආශ්‍රිත ප්‍රදේශවල පවා මේවා ව්‍යාප්ත වී ඇත.ශාක ලෝකයේ අපුර්ව හැඩගැසීමක් වන මේ ශාක අදාළ පරිසර තත්ත්ව වලට අතිශයින් සංවේදී වේ. එමෙන්ම මේවයින් බහුතරය අකාෂ්ඨීය ශාක වේ. මේ නිසා ම වර්තමානයේදී මෙම ශාක දැඩි ලෙස වඳවීයාමේ තර්ජනයට ලක්වී ඇත. මෙම පරිශ්‍රමයේ ප්‍රධාන අරමුණ වනුයේ ද මෙම සුවිශේෂී ජීවී කොට්ඨාශය පිළිබඳව අවබෝධයක් ලබාදීම තුලින් ඔවුන් ආරක්ෂා කරගැනීමට උනන්දු කරවීමයි.
Friday, December 30, 2016
SLF-02 ලේ තිත්තයා
ලේ තිත්තයා
Cherry Barb
Puntius titteya
ඉතාමත් අලංකාර මත්ස්‍යයෙකු වන ලේ තිත්තයා ලංකාවේ කැළණි ගංගා ද්‍රෝණියේ සිට නිල්වලා ගංගා ද්‍රෝණිය දක්වා ව්‍යාප්තියක් පෙන්වයි. ලංකාවට ආවේනික මොහු සෙවනැති, මඩ හෝ කොළරොඩු සහිත පතුලක් ඇති සෙමෙන් ගලන දියපාරවල් වල ජීවත් වෙයි. නිමග්න ජලජ ශාක සහිත ප්‍රදේශ වලට වඩාත් ප්‍රිය කරයි.
දිගටි සිරුරක් සහිත ලේ තිත්තයා ඌර්ධව හනුක අංකුට(maxillary barbells) යුගලක් දරයි. Sri Lankan Freshwater Fishes ග්‍රන්ථයට අනුව මොවුන්ගේ වර්ණ ප්‍රභේද දෙකක් හඳුනාගෙන ඇත. "නියෝන්(Neon)" ප්‍රභේදයේ පෘෂ්ඨීය ප්‍රදේශය තද දුඹුරු පැහැති වන අතර පහලට යත්ම එය කහ පැහැයට හුරු වර්ණයකට හැරෙයි. මෙම නිසා පෘෂ්ඨීය හා පාර්ශ්වික ප්‍රදේශ අතර ඇතිවූ තියුණු සීමාවක් දැකගත හැකියි. දේහයේ පූර්ව ප්‍රදේශයෙන් ඇරඹෙන තද දුඹුරු පැහැති තිරස් රේඛාවක් ඇස හරහා ගමන් කර පෞච්ඡ වරලේ මුල හරි මැදින් අවසන් වේ. කහ-රතු පැහැයක් සහිත විනිවිදපෙනෙන සුළු වරල් දරයි. ඇතැම් පිරිමි සතුන්ගේ පාර්ශ්විකව නිල් පැහැ දිස්නයක් දැකගත හැකියි. ගැහැනු සතුන් වර්ණයෙන් ලා පැහැති වේ.
"රතුකැට(ruby)" ප්‍රභේදයේ පෘෂ්ඨීය පෙදෙස තද රතු පැහැයක් ගනියි. පාර්ශ්විකව දීප්තිමත් රතු පැහැයක්ද, උදරීයව වඩාත් ලා පැහැයක්ද පෙන්වයි. නියෝන් ප්‍රභේදය පෙන්වන තද පැහැ තිරස් රේඛාව මොවුන්ගේ දැකගත් නොහැකි වන අතර මොවුන්ගේ විනිවිද පෙනෙන සුළු වරල් දීප්තිමත් රතු-රෝස පැහැයකින් යුක්තයි. පිරිමින් හා සැසඳූ කල ගැහැනු සතුන්ගේ ශරීර වර්ණයේ දීප්තිමත් බවින් අඩුය.
සංවේදී මත්ස්‍යය විශේෂයක් වන මොවුනගේ පැවැත්මට ප්‍රධාන තර්ජනයක් වන්නේ වාසස්ථාන අහිමි වීමයි. මතු දවස උදෙසා මෙවැනි සුන්දර ජීවීන් රැකගැනීම අපගේ යුතුකමකි..!













