නිවාඩු කාලෙත් ආවනේ. ඉකෝට නම් ඉතින් ටියුසන් කැලෑසි එක්ක මොන නිවාඩුද? කොහොමහරි අහම්බෙන් වගේ වේගෙන් උදේ වරුවෙ වැඩ ටික ඉවර කරගත්තු දවසක හිතුවා වෙනසකටත් එක්ක කාලයක් තිස්සේ පෙරුම් පුරාගෙන හිටිය ගමනක් යන්න. සල්ලි ටිකකුත් අතේ ගැවසුන නිසා ඉකෝ යන්න පිටත් වුනා. සැ.යු.-100ක් දෙසීයක් කියන්නෙත් ඉකෝට ලොකු ගානක් හරිද. ඉකෝ තාම ස්වාධීන නැහැනේ.
ඉතින් ඉර මුදුන් වෙන්න කිට්ටුව තමයි ඉකෝ තමන්ගේ අඩවියෙන් පිටත් වුනේ. තාම කිව්වේ නැහැනේ යන දිහා. ඉකෝ අද ගවේශනය කරන්න යන්නේ ජයන්ති...යා..ව. මෙයා මාළුවෙක් හොඳේ. බන්දුල පෙතියා කීවොත් ගොඩක් අය දන්නවා ඇති. මුලු ලෝකෙම පීරලා හෙව්වත් මෙයා හොයාගන්න ඉන්නේ අපේ පුංචිම පුංචි රටේ, ගලපිටමඩ කියන ලස්සන ගමක, පුංචිම පුංචි දිය පාරක විතරයි. ඒ කියන්නේ මෙයා අපේ රටට ආවේනික මාළුවෙක්. අතිශය දුර්ලබයි කිව්වොත් හරියටම හරි. රතු දත්ත පොතට අනුව බන්දුල පෙතියා කියන්නේ දැඩි ලෙස වඳවීයාමේ තර්ජනයට ලක් වූ මත්ස්‍යයෙක්. එයා ගැන විස්තර පසුවට කියන්නම්කෝ.
ඉකෝ යන්න හිතුවට කෝ ඉතින් හරි හමන් විස්තරයක් නැහැනේ කොහෙවත්. අන්තර්ජාලේ පීරලා හෙව්වත් නැහැ. ගම් වල නම් තිබ්බට මැප් එකේ ඒවා පෙන්නන්නෙත් නැහැ. අනික එක දොළ පාරක ලු ඉන්නේ. සබරගමුව පැත්තේ ගම් වල වතුර පාරවල් ඕනි තරම්. කොහෙ ඉන්නවද කියලා කවුද දන්නේ. මොනවා කරන්නද ඉතින්. ඕන දෙයක් කියලා ඉකෝ ටවුමට ගියා. යද්දිම වාසනාවට ගලපිටමඩ බස් එකක්... හැබැයි සෙනග පිරිලා. මඟදි ඔය ටික බහින්නැතෑ කියලා ඉකෝ බස් එකට නැග්ගා. ඉකෝ යන්නේ නිට්ටඹුවෙ ඉඳන්. කොළඹ ඉඳන් කොළඹ නුවර පාරෙ එන අයට නිට්ටඹුවහරි වරකාපොල හරි හරහා ගලපිටමඩට යන්න පුලුවන්, නැත්නම් හංවැල්ල පාරෙ යන අයට හංවැල්ල අත්තනගල්ල හරහා හරි හංවැල්ල අවිස්සාවේල්ල රුවන්වැල්ල හරහා හරි ගලපිටමඩට යන්න පුලුවන්. ඉකෝ සිතියමකුත් දාන්නම්කෝ.
මඟදි ඉකෝට ඉඳගන්නත් හම්බුනා. ඉකෝ ඉතින් පරිසර සුන්දරත්වේ විඳ විඳ ගලපිටමඩට ගියා. විනාඩි 40ක් වගේ යද්දි ගලපිටමඩට ආවා. ටිකට් එක 47 ක් වුනා(16.08.11) ඈ. ගලපිටමඩ හරි ලස්සන පලාතක්. ඉකෝට ඉකෝගේ ගම මතක් වුනා. ඉකෝගේ ගමත් ඉස්සර මේ වගේ. ඒත් දැන් ඉතින් ඔක්කොම අලුත් වෙලා නේ. ඉකෝ ළඟ තිබ්බ කොමියුනිකේශන් එකකට ගිහින් ඇහුවා බන්දුල පෙතියා ඉන්නේ මේ ළඟද කියලා. එතන හිටපු නැන්දලා දෙන්න කිව්වා ,"ආ, අර දුර්ලබ මාලුවා නේද? අපි නම් හරි විස්තරයක් දන්නේ නැහැ. බෝඩ් එකක් නම් තියනවා දැක්කා අල්පිටිය පැත්තේ. හ්ම්ම්, අල්පිටිය සණස ඉස්සරහ වෙළ මැද්දෙන් පාරක් තියනවා ,ඒකෙ යන්න ඕන. පුතා කොහෙ ඉඳලාද ආවේ?" ඉකෝ ආවේ නිට්ටඹුවෙ ඉඳන්නේ නැන්දේ. " තනියම ද ආවේ? "ඔව් ඉතින්, ඉකෝ වැඩිපුර වැඩකරන්නේ තනියම නේ. "හ්ම්ම්,, පුතා අල්පිටිය සණස ගාවින් බැහැලා පොඩ්ඩක් අහලා බලන්නකෝ. එතන කට්ටිය ඇති විස්තර අහලා බලන්නකෝ." මොන බස් එකේද ඇන්ටි යන්න ඕන? "කෑගල්ල බස් එකේ යන්නකෝ පුතා. රුපියල් දොලහේ දුර. ට්‍රී වීල් ඒකක නම් 150ක් විතර ගනියි." ආ හරි නැන්දේ ගොඩක් ස්තූතියි. නිට්ටඹුවට අන්තිම බස් එක කීයටද තියෙන්නේ නැන්දේ? "දැන් නම් පාර හදලා තියන නිසා හවස් වෙනකම් බස් තියනව. හතර පහ වෙනකම් වගේ" හරි,, ගොඩක් ස්තූතියි නැන්දේ, මම ගිහින් එන්නම්. ෂුහ්,, යන්තම් ඇති ඉකෝගේ ලක් එක වැඩකරලා හෝඩුවාවක් නම් හම්බුනා. ඉකෝ එහාපැත්තේ බස් නැවතුමේ නවත්තලා තිබ්බ කෑගල්ල බස් එකට නැග්ගා. ගලපිටමඩ ඉදලා සල්ගල රක්ෂිතේටත් යන්න පුලුවන්. 4km යි.එහෙට යන බස් තියනවා ගලපිටමඩ.... ඔන්න ,බස් එකේ ගිහින් අල්පිටියෙන් බැස්සා කියමුකෝ. ඒත් සණසක් නෑනේ. අප්පට, මේ මොකක්ද "නැණසල" බෝඩ් එකක්. කොන්දොස්තර අයියට හරියට ඇහිලා නැහැ මයේහිතේ. කමක් නැහැ. යමුකෝ ඉස්සරහට සණස පහු වුනේ නෑ නේ තාම. ඈතින් ලස්සන වෙල් යායක්. පරණතාලේ කඩමණ්ඩියක් පහුකරගෙන ඉස්සරහට යද්දි නිල්පාට වීදුරු දාපු සණස ගොඩනැගිල්ල තිබ්බා. සණසේ යට තට්ටුවේ කඩයක්. කරුණාවන්තයි වගේ පෙනුන නැන්දා කෙනෙක් හිටි නිසා ඉකෝ කඩේට ගොඩවුණා. "නැන්දේ, බන්දුල පෙතියා කියන මාලුවා ඉන්නේ මෙහෙද?" ඔව් පුතා, අර වෙළ මැද තියන පාර දිගටම යනකොට එළියේ වළං දාපු කඩයක් තියෙයි. ඒක පහු කරලා දිගටම යද්දි වෙලක් එක්ක තුම්මංහන්දියක් ඇති.එතනින් පහලට තියන පාරේ යන්න." ඉකෝත් ඉතින් ගමේ අසිරිය විඳ විඳ කියපු පාර ඔස්සේ ගියා. වළං කඩේ නම් හම්බුනා, ඊට පස්සේ යනවා යනවා ඉවරයක් නැහැ. එක දිගටම ගුරුපාර. ගෙවල් වෙල් වතුපිටි පහුකරගෙන...හෝව්,ඉකෝට පාර වැරදුනාවත්ද?
Wednesday, August 10, 2016
දුලබ ජයන්තියා සොයා... 01
Subscribe to:
Post Comments (Atom)
කොළඹ කුරුනෑගල, අනුරාධපුර වැනි ප්‍රදේශ වලින් එන අය කොළඹ මහනුවර පාරේ නෙලුම්දෙනියට එන්න. එතැනදී කෑගල්ලේ සිට එන අංක 672 දැදිගම හරහා ගලපිටමඩ බස් එකේ ගිහින් අල්පිටියෙන් බහින්න. මහනුවර පැත්තේ සිට එන ය කෑගල්ලට පැමිණ කෑගල්ලෙන් පටන් ගන්නා අංක 672 බසයට නගින්න.
ReplyDeleteරත්නපුර, හැටන්, වැනි ප්‍රදේශ වලින් එන අය මේ ඔබ කියා ඇති මාර්ගයේ ආවම හරි.
හෙහ් හෙහ්, මාගේ ප්රියම්බිකාවගේ ගම දැදිගම නිසා, ඔය හැමතැනම හක්කලන් කොරලා තිබේ.
කොමෙන්ටුවකින් ලැබෙන සතුට දන්නෝ දනිත්... ගොඩක් ප්‍රයෝජනවත් විස්තරයක්.. අවැසි අයට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. බෙහෙවින් තුති.
Delete