Showing posts with label jalaja shaka. Show all posts
Showing posts with label jalaja shaka. Show all posts

Wednesday, November 1, 2017

Lagen 1 Lagenandra jacobsenii de wit

Lagenandra jacobsenii de wit




Araceae කුලයට අයත් Lagenandra jacobsenii ශාකය ශ්‍රී ලංකාවේ නිරිතදිග තෙත් කලාපීය ප්‍රදේශයට ආවේනික වේ. මෙම ශාකය 2012 ජාතික රතු දත්ත පොතට අනුව අන්තරායට පත්(Endangered) ජීව විශේෂයක් ලෙස වර්ග කර ඇත.
මෙම ශාකයේ කඳ කොටස(stem) 4cm පමණ විශ්කම්භයක් සහිතව පොළොවට සමාන්තරව වර්ධනය වේ. පත්‍ර තලය බොහෝදුරට ලන්සාකාර(lance-shaped) හැඩයක් ගනියි.( පත්‍රය එහි පළල මෙන් පස් ගුණයක් දිගු වේ)

පුෂ්පය කොළපුවක් සහිත වන අතර සමාවෘත(twisted) හා පිම්බුණ(inflated) ස්වභාවයක් ගනියි. ලංකාවේ හමුවන ඇතැම් Lagenandra විශේෂ වල කොළපුව ගැටිති සහිත(warty) වුවත් මෙම විශේෂ එසේ නොවේ. කෙණ්ඩියේ(kettle) ඇතුළත කලු දම් පැහැති වේ.
සමස්ත ශාකයම අඩි දෙකක් පමණ උස වන අතර ජලාශ්‍රිතව ප්‍රවාහශාකයක් ලෙස වර්ධනය වේ. සෙවන තරමක් ප්‍රියකරයි.
මෙම ශාකයට තිබෙන ප්‍රධාන තර්ජනය වාසස්ථාන අහිමි වීමයි. මෙවැනි වටිනා ශාක කවර හෝ සංරක්ෂණ විධි විධාන යොදා මතු පරපුරට ආරක්ෂා කරගැනීම සියලුදෙනාගේම වගකීමකි.






Wednesday, August 23, 2017

Cryp 1 Cryptocoryne undulata Wendt

Cryptocoryne undulata Wendt 


ශ්‍රී ලංකාව අවේනික ශාක බොහොමයක් හමුවන Araceae කුලයට අයත් සාමාජිකයෙක් වන Cryptocoryne undulata ශාකය එම ගණයට අයත් ශ්‍රී ලංකාවේදී දැකගතහැකි ශාක 11 අතුරින් එකකි. ඇතැම් මුලාශ්‍රවල එහි ව්‍යාප්තිය ලෙස ශ්‍රී ලංකාව ට අමතරව තායිලන්තයද දක්වා ඇත්තේ විසිතුරු පැළෑටි කර්මාන්තයේ බලපෑමෙන් විය යුතුය. Cryptocoryne undulata ශාකය ස්වභාව සංරක්ෂණය සඳහා වන අන්තර්ජාතික සංවිධානය(IUCN) විසින් ප්‍රකාශයට පත් 2012 ශ්‍රී ලංකා රතු දත්ත ලැයිස්තුවට අනුව දැඩි ලෙස අන්තරායට පත් ශාක විශේෂයක් ලෙස වර්ග කර ඇත.මෙහි ඉතිහාසය සැලකුවහොත් 60 දශකයේදී පලවුනු මුලාශ්‍ර වල මෙය Cryptocoryne willisii හිම රූපාකාරයක් ලෙස දක්වා ඇත.

තරංගීමය ස්වභාවයක් පෙන්වන  තරමක් දිගු පත්‍ර වල  වෘන්තය අඟල් 14 පමණ දක්වා වර්ධනය වූ අවස්ථා වාර්තා වී ඇත. පත්‍රයේ යටි පැත්තේ තද රත්පැහැති නාරටි දැකගත හැකි වේ.නිමග්න හා භෞමික රෝපිත අවස්ථා දෙකෙහිදීම මෙම ලක්ෂණය තරමක් පොදුවේ නිරීක්ෂණය කල හැක. නමුත් නාරටි රත්පැහැ නොවන අවස්ථාද හමුවන වේ. මෙම ශාක බොහෝවිට Cryptocoryne wendtii සේ  භාහිරින් දිස් වුවත් පුෂ්පයේ කොලපුවේ රූපාකාරයෙන් C. undulata බව තහවුරු කරගත හැකිය.

පුෂ්ප මංජරිය වටා පිහිටන පළල්, ඇඹරුණු කෙළවරක් (twisted limb) සහිත කොළපුවේ වඩා උස් වූ කොලරයක්(high collar) පිහිටීම අනන්‍යය ලක්ෂණයක් වේ. කොලරයේ ඇතුළු විවෘතවීම වටා දැකගත හැකි තද පැහැති වළල්ල විශේෂ වේ. කෙටි ජද ශුකියක් ඇත. පහල කොලපු කුහරයේ (kettle) අභ්‍යන්තර බිත්තියේ වූ ගර්ත(alveoli) ලංකාවෙන් හමුවන Cryptocoryne විශේෂ වල  සාමාන්‍යය ලක්ෂණයක් වේ.
Cryptocoryne undulata ශාකය විසිතුරු මත්ස්‍යය/ශාක කර්මාන්තයේදී ජලාල(aquarium) අලංකරණය සඳහා සුලබ ලෙස භාවිත වේ. අඩු ආලෝක තත්ත්ව යටතේදී පවා පහසුවෙන් වගා කරගත හැකිවීම, දැකුම්කලු පෙනුම හා වර්ණ රටා දැරීම, පහසුවෙන් ප්‍රචාරණය කරගත හැකිවීම මීට හේතුවන්නට ඇත. අඩු ආලෝක තත්ත්ව යටතේදී Cryptocoryne undulata ශාකය වඩාත් උස් ව විශාලව වර්ධනය වේ. නමුත් පොහොර යෙදූ මාධ්‍යයක වැඩි ආලෝක තත්ත්ව  යටතේ වගා කල විට දේහ විශාලත්වය අඩු වී වැඩි වර්ධන වේගයක් සහිතව වඩාත් අලංකාරවත්ව වර්ධනය වේ. අමතර CO2 සැපයුමක් අවශ්‍යය නොවේ.දීප්තිමත් ආලෝකය සහ 22-28 C උෂ්ණත්වය ප්‍රිය කරයි. 
අර්ධ හෝ පුර්ණ ලෙස නිමග්නව වගකරගත හැකිය. පහසුවෙන් මල් හටගැනීම සිදුවේ. භෞමිකව වගාකරගන්නේ නම් ලෝම පසක් හා ආර්ද්‍රතාවය වැඩි තෙත් පරිසරයක් සුදුසු වේ.වර්ධක ප්‍රචාරණය මව් ශාකයේ පාදයට ආසන්නව වර්ධනය වන ධාවක වෙන්කරගැනීම මඟින් සිදුකරගත හැක. වෙන්කරගත් ධාවක වලට මුල් නිසියාකාරව වර්ධනය වී ස්ථාපිත වීම සඳහා තරමක කාලයක් ගතවුවත් ඉන්පසුව ශීඝ්‍ර වර්ධනයක් පෙන්වමින් ඉක්මනින් පරිණතියට පත් වේ. 


කෙසේනමුත් අප රටට අවේනික මෙම සුන්දර ශාක විශේෂයේ පැවැත්ම අවිධිමත් ඉදිකිරීම් හා  සංවර්ධන ව්‍යාපෘති, ශීඝ්‍ර ලෙස සිදුවන වන ආවරණය විනාශ කිරීම හා දේශීය හා විදේශීය වෙළඳාම පිණිස මහාපරිමාණයෙන් ස්වභාවික වාසස්ථාන වලින් ශාක ගලවාගැනීම නිසා දැඩි ලෙස තර්ජනයට ලක් වී ඇත. 
මෙවැනි වටිනා ශාක විශේෂ ආරක්ෂා කරගැනීම අප සැමගේ යුතුකමකි.

Synonyms

Cryptocoryne axelrodii Rataj, nom. illeg. 
Cryptocoryne willisii Engl. ex Baum, nom. illeg. 

මුලාශ්‍ර

1.The occurrence of Cryptocoryne and Lagenandra (Araceae) on Sri Lanka -A. de Grad and J. C. Arends
2.Some Selected Aquatic Ornamental Plants of Sri Lanka -A simplified guide to identification of
Aponogeton (Kekatiya) Lagenandra (Ketala) and Cryptocoryne (Atiudayan) -D. S. A. Wijesundara and J. G. Shantha Sin
3. http://www.catalogueoflife.org
4. www.aquaticplantcentral.com
5. www.Wikipedia.com